නවතම පුවත්

ලාදුරු නම් ප්‍රතිකාර නොමිලේ (📊)

අසංක

අසංක

(දම්පත් රණසිංහ)

අපේ රටින් ලාදුරු (leprosy) රෝගය තුරන් වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතිකයක් ලබාදෙන්නේ 1995 වසරේදීය. හැබැයි ඒ වන විටත් අපේ රටේ ලාදුරු රෝගීන් 1000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා පොත්වල එකතු වී තිබුණේය. ඒ අයගෙන් කොටසක් රදවා සිටියේ මඩකලපුවේ පිහිටි දූපතකය. තවත් පිරිසක් රදවා සිටියේ වත්තල පිහිටි ලාදුරු රෝහලේය.

එකල භයානක රෝගයක් මෙන්ම බෝවන රෝගයක් සේ සැලසූ ලාදුරු රෝගය ගැන අද බිය යන්නට නැති තරම්ය. එකල ලාදුරු රෝගීන් තැබුවේ සමාජයෙන් හුදෙකලා කරය. ජාතික රූපවාහිනියේ 90 දසකයේ මුල විකාශය වූ ‘ඇල්ල ලඟ වලව්ව’ නාට්‍ය මාලාව නිර්මාණය වී තිබුණේද ලාදුරු රෝගය හා සම්බන්ධ කථාවක් මුල්කරගෙනය.

අපේ රටට ලාදුරු තුරන් වුණු රටක් ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක් ලැබුණද සැබෑ ලෙසම අපේ රටෙන් අදටත් ලාදුරු රෝගය තුරන් වී නැත. ඒ ලාදුරු රෝගීන්ගේ ක්‍රමික වැඩිවීමක් මේ වන විට පෙන්නුම්කරන බැවිනි. එදා අපේ රටට ලෝක සෞඛ්‍ය සංවිධානය සහතිකයක් ලබාදෙන විට ලාදුරු රෝගීන් 1000ක් වත් නොසිටියත් අද එය ඇත්තේ දහසේ සීමාව ඉක්මවා ගොසිනි.

මෙරට ලාදුරු රෝග මර්දන ව්‍යාපාරයේ සංඛ්‍යා දත්තයන්ට අනුව 2023 වර්ෂයේ මෙරටින් හමුවී ඇති ලාදුරු රෝගීන්ගේ ගණන 1550කි. 2022 වසරේදී එම ගණණ සටහන් වී ඇත්තේ 1401ක් ලෙසිණි. 2021 දී එය 1213ක් ලෙස වාර්තා වී ඇති බව සංඛ්‍යාදත්ත පරිශීලයේදී පෙනී යන්නේය. මෙම සිව් වසරට වඩා 2019 දී වාර්තා වූ ලාදුරු රෝගීන්ගේ ගණන සටහන් වන්නේ 1660 ලෙසිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන ආකාරවයට අනුව මේ වන විට ලෝකයේ රටවල් වලින් වසරකට ලාදුරු රෝගීන් ලක්ෂ 02ක් පමණ හදුනා ගනු ලබනවා. ඒ අතරින් වැඩිම ලාදුරු රෝගීන් ගණනක් වාර්තා වන්නේ ඉන්දියාව, බ්‍රසීලය සහ ඉන්දුනීසියාව වැනි රටල්ය.

ලාදුරු රෝගය සම්බන්ධයෙන් ඉතිහාසය පිරිස්සීමේදී පෙනී යන්නේ පළමු ලාදුරු රෝගියා හමුවී ඇත්තේ ඉන්දියාවෙන් බවය. ඒ ක්‍රිස්තු පූර්ව 04වන සියවසේදීය.

අපේ රටේ ලාදුරු රෝගීන් වෙනුවෙන් රෝහලක් මුලින්ම ස්ථාපිත කර ඇත්තේ ලන්දේසි පාලන කාලයේදීය. ඒ වත්තල හැදල පිහිටි රෝහලය. ඒ හැරුණු කොට මඩකලපුව මාන්තිව් හී පිහිටි ලාදුරු රෝගීන් රදවන ලද රෝහල ආරම්භ වූ බව කියැවෙන්නේ 1930 දී පමණය.

බැක්ටීරියාවක් මගින් සෙමින් බෝවන රෝගයක් වන මෙම රෝගය ක්‍රමයෙන් අපේ රටේ නැවත හිස ඔසවමින් ඇත්තේ වැඩිම රෝගීන් පිරිසක් බස්නාහිර පළාතින් වාර්තා වෙමිනි. ගෙවී ගිය පස්වසර තුළ බස්නාහිර පළාතින් පමණක් වාර්තා වී ඇති ලාදුරු රෝගීන් ගණන 2279 දෙනෙකි. මේ අතරින් ද වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රිකය තුළිනි. එම ගණන 949 දෙනෙකි. ඊට පසු වැඩිම රොගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහිනි. එම ගණන 789 දෙනෙකි. කළුතරින් වාර්තා වී ඇති රෝගීන් ගණන 531 දෙනෙකි.

මේ හැරුණු කොට මඩකලපුවෙන් ලාදුරු රෝගීන් 641 දෙනෙක්ද, අම්පාරන් 483 දෙනෙක්ද, කුරුණෑගලින් 434 දෙනෙක්ද, අනුරාධපුරයෙන් 332 දෙනෙක්ද මෙම වසර පහ තුළ වාර්තා වී ඇත.

අඩුම ලාදුරු රෝගීන් පිරිසක් මෙම පස් වසර තුළ වාර්තා වී ඇත්තේ කිලිනොච්චියෙනි. එම ගණන 16කි. 2023 වසර තුළ කිලිනොච්චියෙන් වාර්තා වී ඇති ලාදුරු රෝගීන් ගණන 04 කි. ඊට පසු අඩුවෙන්ම ලාදුරු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ මුලතිව් වලිනි. එම ගණන 24කි. 2023 වසරේ එම ගණන 07දෙනෙකි. තෙවැනියට අඩුම ලාදුරු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ වවුනියාව දිස්ත්‍රික්කය තුළිනි. එම ගණන 34දෙදෙනකි. 2023 වසරේ වවුනියාවෙන් වාර්තා වී ඇත්තේ ලාදුරු රෝගීන් 13 දෙනෙක් පමණි.

මේ හැරුණු කොට මෙකී පස් වසර තුළ මන්නාරමෙන් 35ක්, නුවරඑළියෙන් 51ක්, මාතලෙන් 75ක් වශයෙන් අඩුම ලාදුරු රෝගීන් පිරිසක් වාර්තා වී තිබේ.

ගෙවී ගිය 2023 වසරේදීද වැඩිම ලාදුරු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළිනි. එම ගණන 259 දෙනෙකි. එම වසරේ දෙවැනියට වැඩිම ලාදුරු රෝගීන් පිරිසක් ගම්පහින් වාර්තා වී ඇති අතර එම ගණන 168කි. වැඩිම තෙවැනියට ලාදුරු රෝගීන් ගණනක් 2023 වසරේ වාර්තා වී ඇත්තේ මඩකලපුවෙනි. එම ගණන 151 දෙනෙකි.

සෞඛ්‍ය අංශ සඳහන් කරනු ලබන්නේ බෝ නොවන මට්ටමේ සිටින රෝගියෙකු වෙනුවෙන් මාස හයක් තුළත් බෝවන මට්ටමේ සිටින රෝගියෙකු වෙනුවෙන් වසරක කාලයකුත් ප්‍රතිකාර කිරීම තුළින් මෙම රෝගය වලක්වා ගැනීමට හැකියාව ඇති බවය. නිසි ප්‍රතිකාර ගැනීම තුළින් මෙම රෝගය රොගියෙකුගෙන් රෝගියෙකුට බෝ නොවන බවද සෞඛ්‍ය අංශ තහවුරු කරයි. රජයේ රෝහල්වල මේ සඳහා ප්‍රතිකාර අංශ තිබෙන අතර සියල්ල සිදුවන්නේ නොමිලයේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්