නවතම පුවත්

IMF වෙතින් කරුණු 16ක ක්‍රියාකාරී සැලැස්මක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා කරුණු 16කින් යුත් ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රාජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණයට එළඹ තිබේ.

පාලනයේ විනිශ්චය හෙවත් government Diagnostic යන සංකල්පය යථාවත් කර ගැනීම සඳහා මෙම සංකල්පය ක්‍රියාවට නැංවීමට නියමිතය.

ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක සාගල රත්නායක, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහත්වරුන් සහ මහා බැංකු ප්‍රධානීන් මෙම සාකච්ඡාවට සහභාග වී ඇත.

පළමු පියවර ලෙස අල්ලස් කොමිසම ශක්තිමත් කිරීම,විනිවිද භාවයෙන්  යුතු රාජ්‍ය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ඇතුළු 

කරුණු 14ක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පාර්ශ්වය මෙහිදී එකඟතාවය පළ කර ඇති අතර කරුණු දෙකක් ක්‍රම ක්‍රමයෙන් පසුවට ඉටු කිරීමට එකඟතාවය පළ කර තිබේ.

ශ්‍රී ලංකා රේගුව,දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදියෙහි දූෂණ වංචා නතර කිරීමේ ක්‍රියාවලිය නිශ්චිතව සකසා ගැනීමෙන් පසු එම කරුණු දෙක සම්පූර්ණ කිරීම රජයේ ඉලක්කය වී ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්