ලාෆ්ස් පුරවන්න ලීට්‍රෝ ලෑස්තියි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කළ ද එම ධාරිතාවය ද ආවරණය කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම සූදානම් වෙයි.

එහි සභාපති තෙෂාර ජයරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිඟයක් සිදුනොවන බවයි.

එමෙන්ම වෙළඳපොළෙන් 20%ක් වන ලාෆ්ස් ගෑස් අඩුව පුරවාලීමට තම සමාගමට හැකියාව පවතින බවත් ඒ අනුව ඔ්නෑම වර්ණයක සිලින්ඩරයක් සදහා ගෑස් සැපයීමට ලිත්‍රො සමාගම සූදානම් බවත් ඔහු කියා සිටී.

දැනටමත් එම තොග තම සමාගම සතු වන බව ලීට්‍රෝ සමාගම අවධාරණය කරයි.