නවතම පුවත්

ලැව්ගිනි නිවීමට ගිය හෙලිකොප්ටරයක් කඩා වැටේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලැව්ගිනි නිවීමට යොදාගත් හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

ස්නොවි මවුන්ටන්ස් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ ඇමරිකානු ජාතියන් තිදෙනකු බව සඳහන් වේ.

හර්කියුලස් වර්ගයේ ගුවන් යානයක්  අනතුරට ලක්වී තිබේ. ලැව්ගිනි පැතිරෙමින් තිබූ පෙදෙසකට යානය කඩා වැටී ඇති අතර විශාල ගිනි බෝලයක් ලෙස දර්ශනය වූ බව සඳහන් වේ.

අනතුරට හේතුව අනාවරණය කරගෙන නැතැයි බලධාරීහු පවසති.

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි ආරම්භ වූ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා මරණ 33ක් සිදුව ඇත.

මේ වනවිට හෙක්ටයාර මිලියන 10කට අධික ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති අතර දැඩි හානි සිදුව ඇත්තේ වික්ටෝරියා හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවලටය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්