නවතම පුවත්

ලොක්ඩවුන් කාලයේ කළ විනෝදාංශ නිසා එංගලන්තයේ දහස් ගණනක් රෝහල්ගත කරලා

අසංක

අසංක

එංගලන්තය අගුලු දමා තිබූ අවධියේ දී ජනප්‍රිය වූ ඉවුම් පිහුම්, DIY (Do it yourself) ක්‍රියාකාරකම් සහ සුරතල් සතුන් මිලදී ගැනීම වැනි ක්‍රියාකාරකම් නිසා දහස් ගණනකට තුවාල වී සඳහා රෝහල් ප්‍රතිකාර ලැබීමට හේතු වූ බව එරට රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

එරට මාධ්‍ය විසින් එංගලන්තයේ රෝහල් ගත කිරීම් විශ්ලේෂණය කිරීමෙන් පෙන්නුම් කළේ මිනිසුන් තම නිවෙස්වලට කොටුවී සිටි අවධිවේදී ජනප්‍රියත්වය ඉහළ ගිය ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වූ තුවාල සඳහා දහස් ගණනක් මෙලෙස ප්‍රතිකාර ගත් බවයි.

2020-21 සඳහා NHS ඩිජිටල් දත්ත වලට අනුව විදුලි අත් මෙවලමක් සමඟ වැඩකරන්නට යාම නිසා පුද්ගලයින් 5,600 කට වැඩි පිරිසක් රෝහල් ගත කළ අතර 2,700 කට වැඩි පිරිසක් මිටියක් වැනි උපකරණ භාවිත කිරීමත් සමඟ රෝහල්ගත කර ඇති බවයි.

නිවසේ නුහුරු නුපුරුදු අලුත්වැඩියාවන්, විවිධ දෑ නිර්මාණය කරන්නට යාම ආදි කටයුතු කිරීමට යාම නිසා මෙම තුවාල ලැබීම් වාර්තා විය.

තණකොළ කපන යන්ත්‍රවලින් තුවාල ලබා 349 දෙනෙකු ඇතුළත් කර ඇති බව ද සංඛ්‍යාලේඛන පෙන්වා දී ඇත.

ක්‍රීඩා පිටියේ උපකරණවලින් වැටීමෙන් පුද්ගලයන් 5,300කට වැඩි පිරිසක් ඇතුළත් කර ඇති අතර රෝගීන්ගේ සාමාන්‍ය වයස අවුරුදු නවයහමාරක් වේ.

කෙසේ වෙතත්, සමහර දෙමාපියන් සහ ආච්චිලා සීයලා ද මේවාට සම්බන්ධ වූ අතර, වයස අවුරුදු 90 ට වැඩි පුද්ගලයින් අට දෙනෙකු ඇතුළුව, වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් දුසිම් ගනනක් ක්‍රීඩා පිටියේ උපකරණවලින් වැටීමෙන් පසු රෝහලට ඇතුළත් විය.

දත්ත පෙන්වා දෙන්නේ ගස් නැගීමේදී සිදුවූ තුවාල හේතුවෙන් පුද්ගලයින් 962 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති බවයි.

වසංගතය ආරම්භයේ සිට එංගලන්තයේ මිලියන 3.2 නිවාසවල සුරතල් සතෙකු ඇතිකිරීමට පටන් ගත් බව වාර්තා වේ.

සුරතල් සත්ව ආහාර නිෂ්පාදකයින්ගේ සංගමයේ දත්තවලට අනුව රට අගුලු දැමීම සමඟ නිවාසවල “සුරතල් සතුන්ට ළදරු කාමරයක්” පවා බොහෝ විට අවශ්‍ය වී ඇත.

කෙසේ වෙතත්, මෙම නව සතුන් සැමවිටම ප්‍රීතිය ගෙන දුන්නේ නැති බව ද එහි දැක්වේ.

කෙසේ වෙතත්, 7,386 දෙනෙකු බල්ලෙකු සපා කෑමෙන් හෝ පහර දීමෙන් රෝහල්වලට ඇතුළත් කර ඇත.

මීයන් දෂ්ට කිරීමෙන් 47 දෙනෙකු සහ විෂ සහිත මකුළුවෙකු සමඟ සෙල්ලම් කරන්නට ගිය පුද්ගලයින් 60 දෙනෙකු, ගෝනුස්සෙකු සමඟ විනෝද වූ පුද්ගලයින් හතර දෙනෙකු ඇතුළත් කර ඇත.

මීට අමතරව නිවසේ ඉවුම් පිහුම් විනෝදාංශයක් ලෙස කිරීමට යාම නිසා කොලෙස්ටරෝල්, දියවැඩියාව ආදී රෝග උත්සන්න වී පමණක් නොව පිසීමට යාමේදී සිදුවූ අනතුරුවලින් ද 2,243 ක් රෝහල්ගත කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්