නවතම පුවත්

“ලොක්ඩවුන්” කිරීම තිරසාර විසඳුමක් නොවේ – ඔස්ට්‍රේලියාව පිළිගනී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට ලොක්ඩවුන් කිරීම කොවිඩ් වසංගතය පාලනයට තිරසාර විසඳුමක් නොවන බව ඔස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් මහතා ප්‍රකාශ කර සිටී

රටින් වසංගත තුරන් කිරීමේ නව සැලසුම වන්නේ “වෛරසය සමග ජීවත්වීමේ මාවතක්” සැකසීම බව ඔහු වැඩිදුරටත් එරට මාධ්‍ය අමතමින්  සඳහන් කර ඇත.

රටේ එන්නත්කරණ ට සුදුසුකම් ලබා ඇති ජනතාවගෙන් 70% පමණ එන්නත්කරණය කිරීම කළ පසු අදාළ තීරණය ගත යුතු බවද  ඔහු පැවසීය.

ප්‍රාන්ත හා නගර රැසක් ලොක්ඩවුන් කර ඇති පසුබිමක ඔස්ට්‍රේලියාවේ දෛනික ආසාදිතයන් වාර්තාව යළි අලුත් වී ඇත .

ඊයේ දිනය තුළ එරටින් නව ආසාදිතයන් 909  දෙනෙක් හඳුනාගත් අතර පෙරේදා දිනද එරටින් ආසාධිතයින් 915 දෙනෙකු වාර්තාවිය .

ලොක්ඩවුන් සීමා නිසා ජනතාවට සහ ව්‍යාපාරවලට සිදුවී ඇති බලපෑම තමා හඳුනාගෙන ඇති නමුත් අවාසනාවකට මේ මොහොතේ රට ලොක්ඩවුන් කිරීම අවශ්‍ය බවද අගමැතිවරයා සඳහන් කර ඇත.

ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමත් සමග වෛරස ආසාදන තවදුරටත් ඉහළයා හැකි බැවින් ඒ සඳහා සූදානම් වී සිටින ලෙසද ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්