නවතම පුවත්

ලොරි යුගය අවසන් දැන් තියෙන්නේ කන්ටේනර් යුගය – වෙල්ගම සුසිල් කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලොරි යුගය අවසන්ව ඇති බවත් කන්ටේනර් යුගය එළඹ ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවබෝධ කර ගත යුතු යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී  අද (28දා) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී කුමාර වෙල්ගම මහතා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්  විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ,

“මම හිතන්නේ නෑ වෙල්ගම ප්‍රබලයෙක් කියලා. ඊට වඩා ප්‍රබල අය ඉන්නවා. අපි කවදාවත් අපි ගැන ඔහොම කිවුවේ නෑ.  අධ්‍යාපනය, පලපුරැද්ද, වෘත්තිය සුදුසුකම් මේ සේරම අපිට තියෙනවා.  නමුත් අපි ඒවා කියවන්නේ නෑ. දැන් ලොරි යුගය ඉවරයි. කන්ටේනර් යුගය ඇවිත් තියෙන්නේ. සේරටම කලින් එතුමා ඒක තේරැම් ගත යුතුයි” යනුවෙන්ද මන්ත්‍රිවරයා පවසා සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්