ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන එක්කෝටි දශ ලක්ෂයේ සීමාව ඉක්මවා යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද උදෑසන වන විට ලොවපුරා නව කොරෝනා වෛරසය ආසාදිතයන් එක්කෝටි දශ ලක්ෂයේ සීමාව ඉක්මවා යෑම වඩාත් වේගවත්ව සිදුව තිබේ.

දත්ත අනුව අද (04දා) උදෑසන එම අගය දැක්වුණේ 11,191,810ක් ලෙසිනි.

එමෙන්ම ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසයට ගොදුරුව සිදුව ඇති ජීවිත හානි සංඛ්‍යාවද 529,127ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් ඇත. සුවය ලැබු ගණන 6,330,810

මේ වනවිට ඇමෙරිකාව මෙන්ම, බ්‍රසීලය ඇතුළු ලතින් ඇමෙරිකාව, ඉන්දියාව සහ දකුණු ආසියාව, මැදපෙරදිග මෙන්ම අප්‍රිකාවේද ආසාදිතයන් වැඩිවීමක් වාර්තා වන බව දත්ත වාර්තා පෙන්වා දෙයි.