නවතම පුවත්

ලොව පුරා ගස්වලින් 2/5ක් අනතුරේ

අසංක

අසංක

ලොවපුරා විසිර ඇති ශාක ගහනයෙන් 05 න් 02 ක කොටසක් මේ වනවිට වඳවීමේ අවධානමකට මුහුණ පා ඇතැයි විද්‍යාඥයින් අනතුරු අඟවා සිටී.

ශාක ප‍්‍රභේද එලෙස වඳවී යාමට බලපාන හේතු අතර ස්වභාවික හේතූන් මෙන්ම මානව කි‍්‍රයාකාරකම්ද ප‍්‍රමුඛව පවතින බවද ඒ පිලිබඳ පර්යේෂණය කල ජාත්‍යන්තර විද්‍යාඥයින් පිරිසක් සඳහන් කර ඇත.

ලොව පුරා රටවල් 42 ක් පමණ නියෝජනය වන පරිදි විද්‍යාඥයින් 200 දෙනෙකු පමණ සහභාගී වී මෙම පර්යේෂණය සිදු කර ඇත.

ශාක පද්ධතීන් එලෙස වඳවී යාමට පෙර, තවමත් ලොව පුරා සැගව තිබෙන නව ශාක විශේෂ නම් කිරීම සඳහා, කාලයට එරෙහි තරගයක නිරත වී සිටින බව එම විද්‍යාඥයින් පවසති.

එහෙත් එම . නව ශාක විශේෂ හඳුනාගෙන ඒවා නම් කිරීමට ගතවන කාලයටත් පෙර එම ශාක වඳවී යනු ඇති බවට විද්‍යාඥයින් බිය පළ කර සිටී.

එබැවින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට ලෝක ප‍්‍රජාව වහාම පියවර ගත යුතු බවයි විද්‍යාඥයින් පෙන්වා දෙ.

මේ වනවිටත් ඖෂධ සඳහා භාවිත කෙරෙන ශාක වර්ග 723 ක් පමණ වඳවීමේ අවධානමට මුහුණ පා ඇති බව ද සඳහන්ය.

ආහාර සහ වෙනත් අවශ්‍යතා සඳහා ප‍්‍රයෝජනයට ගත හැකි ශාක 7,000 කට වඩා වැඩි ප‍්‍රමාණයක් ලොවතුළ පවතින නමුත් අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින ලෝක ජනගහනය පෝෂණය කිරීම සඳහා භාවිතා කරනු ලබන්නේ ඉන් අතලොස්සක් පමණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්