නවතම පුවත්

ලොව පුරා රටවල් රැසක ඉන්ධන හිඟයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ලෙබනනය , ඉන්දියාව , චීනය ඇතුළු රටවල් රැසක මේ වනවිට  ඉන්ධන හිඟයක් මතුව ඇති බව විදස් මාධ්‍ය වාර්තා කර සිටී.

ඉන්ධන හිඟකම නිසා ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙක සිය විදුලි උත්පාදන නවතාලීම හේතුවෙන් මිලියන 06 කට ලෙබනන් වැසියන්ට විදුලි බලය ඇණ හිට ඇත.

අද සිට විදුලි උත්පාදන කටයුතු නතර කරනු ලැබූ බවට ලෙබනන් රජය නිල වශයෙන් දැනුම් දුන් අතර එය හැකියාව වෙතොත් ලබන සඳුදා නැවත ඇරඹීමට බලාපොරොත්තු වෙන බවද ඔවුන් සඳහන් කර සිටි.

ලෙබනන් හමුදාව සතු ඉන්ධන සංචිත යොදා ගෙන විදුලි උත්පාදන කටයුතු ඇරඹීමට ලෙබනන් විදුලි සමාගම බලාපොරොත්තු වෙන් පසුවුවත් එය ඉක්මනින් සිදුවේද යන්න ගැටළු සහගත බවයි එරට රජය පවසන්නේ.

2020 වර්ෂයේ බේරූට් වරායේ සිදුවූ පිපිරීමෙන් පසුව එරට පාලන බලයේ සිටි රජය ඉවත් වීමත් සමග ලෙබනනයේ තත්ත්වය දිනෙන් දින පිරිහීමට ලක්වෙමින් තිබෙ.

මේ අතර ලොවපුරා බලශක්ති හිඟ තාවයක් මතුවෙමින් පවතිනවා. ඒ ගෝලීය ඉන්ධන හිඟතාවයක් මතුවීමත් සමගයි.

ඉන්දියාවේ ගල් අඟුරු විදුලි බලාගාර ඉදිරි දීන 03 තුලදී අක්‍රිය වෙනු ඇති බවට එරට රජය දැනටමත් ප්‍රකාශ කර ඇත. ඒ ඔවුන්ගේ ගල් අඟුරු බලාගාර 135 සඳහා ඇත්තේ දින 03කට ප්‍රමාණවත් ඉන්ධන බවයි රජයේ දත්ත පෙන්නුම් කරන්නේ.

මේ තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවේ නව දිල්ලි නුවර මිලියන 20 කට අධික ජනතාවට අඳුරේ සිටීමට සිදුවෙනු ඇති බවට දැනටමත් අනතුරු අඟවා ඇත.

මේ අතර කොවිඩ් වසංගතයෙන් පසු රටේ ආර්ථිකය නැවත විවෘත කිරීමත් සමග චීනයේ ගල් අඟුරු බලාගාර නැවත සක්‍රිය කෙරුණද ලොවපුරා ගල් අඟුරු සඳහා ඇතිවී තිබෙන අධික ඉල්ලුම හේතුවෙන් මිල ගණන් ඉහළ යෑම නිසා එම විදුලි බලාගාර පාඩු ලැබීම හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබෙ

මේ හේතුවෙන් චිනයේද ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම ඇණ හිට තිබෙන බව සඳහන්.

විශේෂයන් දකුණු ගුආන්ඩොන්ග් ප්‍රාන්තය සහ නිරිත දිග චීනයේ කර්මාන්ත ශාලා බහුලව පිහිටි ජිලිං, ලියෑනිංන් සහ හෙලිඔන්ගීජෑන්ග් යන ප්‍රදේශවලට මෙම තත්ත්වය තදින්ම බලපෑමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර චීනයේ ප්‍රාන්ත 16ක ඉන්ධන ඇතුළු බලශක්ති බෙදා හැරීම සලාක ක්‍රමයට යටත් කිරිමට කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ පුර්ණ විදුලි ඇණ හිටීමක් සිදුවීම වලක්වා ගැනීම සඳහායි.

මේ අතර කොවිඩ් -19 වසංගතයෙන් පසු ආර්ථික කටයුතු නැවත ඇරඹීමත් සමගම යුරෝපයේ ද ඉන්ධන හිඟතාවයක් මතුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්