නවතම පුවත්

වසර 86 කට පසු , නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට හිමිවේ .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වසර 86 කට පසුව නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට මෙවර  හිමි වී ඇත.

ඒ අනුව  අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීම සඳහා වූ “නිර්භීත අරගලය” හෙවත් Courageous Fight ව්‍යාපෘතිය වෙනුවෙන් මාධ්‍යවේදීන් ලෙස කටයුතු කරන පිලිපීනයේ  මාරියා රෙසා සහ රුසියාවේ  දිමිත්‍රි මුරාතොව් නොබෙල් සාම ත්‍යාගය දිනා ගෙන ඇත.

මෙවර නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් තරඟකරුවන් 329ක් ඉදිරිපත් වී ඇත. දේශගුණික ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග්, Reporters Without Borders (RSF) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ද මෙම තරඟකරුවන් අතර විය.

ඔස්ලෝ හි නෝර්වීජියානු නොබෙල් ආයතනයේදී ජයග්‍රාහකයන්ව නිවේදනය කෙරුණ අතර ඒ අනුව රෙසා හා මුරාතොව් දෙපළට ජයග්‍රහණය වෙනුවෙන් ස්වීඩන් ක්‍රෝනා මිලියන 10 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 1.1) පිරිනැමුණි.

නොබෙල් සාම ත්‍යාග කමිටුව විසින් මෙම මාධ්‍යවේදීන් දෙදෙනාව හදුන්වා ඇත්තේ “ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස අහිතකර තත්වයන්ට මුහුණ දෙන ලෝකයක පරමාදර්ශය වෙනුවෙන් පෙනී සිටින සියලුම මාධ්‍යවේදීන්ගේ නියෝජිතයින්” – “Representatives of all journalists who stand up for this ideal in a world in which democracy and freedom of the press face increasingly adverse conditions” යනුවෙනි.

වසර 1935 න් පසු ජනමාධ්‍යවේදියකු හෝ ජනමාධ්‍යවේදීන්  කණ්ඩායමක්  මෙම සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.

ජර්මනියේ කාර්ල් වොන් ඔසියට්ස්කි එරට රහසිගත ආයුධ වැඩසටහනක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීම වෙනුවෙන් 1935 වසරේ දී නොබෙල් සාම ත්‍යාගය දිනාගත්තේ ය.

 

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්