නවතම පුවත්

ලෝකයේ බලගතුම පර්යේෂකයන් අතළොස්සට මහාචාර්ය මෙත්තිකා විතානගේත්

අසංක

අසංක

ලොව වඩාත්ම බලගතු පර්යේෂකයන් කිහිපදෙනා අතරට මෙවර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ද තෝරාගෙන තිබේ.

පසුගිය දශකය තුළ පර්යේෂකයන් විසින් ඔවුන්ගේ පර්යේෂණ පත්‍රිකා වැඩිම වාර ගණනක් උපුටා දක්වන ප‍්‍රමාණය අනුව Clarivate™ මගින් සෑම වසරකම ප්‍රකාශයට පත්කරන ලොව වඩාත්ම බලගතු පර්යේෂකයන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයකු ඇතුළත් වූ පළමු අවස්ථාව මෙය ලෙස සැළකේ.

ලොව පුරා සිදුවන විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ දත්ත එක්රැස් කරන අන්තර්ජාල සේවාවක් වන Web of Science හි ඇතුලත් දත්ත මඟින් වැඩිම උදෘත ගනනකට හිමිකම් කියන පර්යේෂණ සිදුකල පර්යේෂකයින් 1% ක් පමණක් ‍මීට ඇතුළත් වේ.

2021 දී, පර්‍ර්යේෂණ ක්‍ෂේත්‍ර 21ක සහ විවිධ ක්‍ෂේත්‍ර හරහා, ලොව පුරා පර්‍යේෂකයින්ගෙන් 6,700කට අඩු හෝ සමස්ථ පර්‍යේෂකයින්ගෙන් 0.1% ක් පමණ මෙම සුවිශේෂී ගෞරවය ලබා ගෙන ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පාරිසරික විද්‍යාව ආශ්‍රිත පර්යේෂණාගාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරිය ලෙස ද මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කටයුතු කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්යවරිය මෙලෙස අදහස් දැක්වූවාය.

“තවත් එක් විශිෂ්ට ජයග්‍රහණයක්!

මා දන්නා පරිදි ශ්‍රී ලාංකිකයෙකු මෙම ලැයිස්තුවට ඇතුළු වූ පළමු අවස්ථාව මෙය විය යුතුයි.

සෑම වසරකම, Clarivate™ විසින් ලොව වඩාත්ම බලගතු පර්‍යේෂකයන් කිහිප දෙනා හඳුනා ගනු ලබන්නේ පසුගිය දශකය තුළ සමියුරු පර්‍යේෂකයන් විසින් ඔවුන්ගේ පර්‍යේෂණ පත්‍රිකා වැඩිම වාර ගණනක් උපුටා දක්වන ප‍්‍රමාණය අනුවයි.

2021 දී, පර්‍යේෂණ ක්‍ෂේත්‍ර 21ක සහ විවිධ ක්‍ෂේත්‍ර හරහා, ලෝකයේ පර්‍යේෂකයින්ගෙන් 6,700කට අඩු හෝ සමස්ථ පර්‍යේෂකයින්ගෙන් 0.1% ක් පමණ මෙම සුවිශේෂී ගෞරවය ලබා ගෙන ඇත.

ලොව පුරා සිදුවන විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ දත්ත එක්රැස් කරන අන්තර්ජාල සේවාවක් වන Web of Science හි ඇතුලත් දත්ත මඟින් වැඩිම උදෘත ගනනකට හිමිකම් කියන පර්යේෂණ සිදුකල පර්යේෂකයින් 1% ක් පමණක් ඇතුලත් වන මෙම කණ්ඩායම තුල මාගේ නමත් ඇතුලත් වීම ගැන මා අතිශය සතුටට පත්වෙනවා.

විවිධ ක්‍ෂේත්‍ර වල පරීක්‍ෂණ සඳහා සුවිශේෂී පර්‍යේෂණ බලපෑම් ඇතිකිරීමට ඉවහල්වූ සහ වැඩිම උපුටා දැක්වීම් කළ පරීක්‍ෂණ පත්‍රිකා හිමි විශිෂ්ට පර්‍යේෂකයින් 1% තුළ අතර මා ද ශ්‍රේණිගත වී සිටීමට ලැබීම උදක්ම සතුට ගෙනදෙන්නකි.

මෙම ජයග්‍රහණය දක්වා වන මාගේ ගමනේදී මට ධෛර්‍යය ශක්තිය සහ මඟපෙන්වීම ලබා දුන් මගේ ගුරුවරුන්ට, උපදේශකයින්ට, අනුග්‍රහය ලබා දුන් සංවිධානවලට, ජාතික සහ ජාත්‍යන්තර සහයෝගිතාකරුවන්ට, අනධ්‍යයන සහායක කාර්ය මණ්ඩලයට සහ මා සමඟ පර්යේෂණවල නියැළුන සිසුන්ට මාගේ හදපිරි ස්තූතිය පුදකරන්නත් මා අමතක කරන්නෙ නැහැ.

මගේ පර්‍යේෂණ දිගටම කරගෙන යාමට ඇත්තේ container එකක ස්ථාපිත කෙරුණු විද්‍යාගාරයකි. එය ලබා දීම වෙනුවෙන් Prof. Sampath Amaratunge මහතාට ස්තූතිය පළකරමි. කෙනෙහිලි, ගැරහුම්, නින්දා, අවලාද මැද අප කරන පර්යේෂණ වලට දේශීය වශයෙන් නිසි පිලිගැනීම නොලැබුනත් ජාත්‍යන්තර වශයෙන් එම පිළිගැනීම හිමිවීම ගැන ගොඩාක් සතුටුයි. මම මගේ වෘත්තීය ජීවිතය තුළ මේ මට්ටමට පැමිණීමට බොහෝ දුෂ්කර කාලපරිච්ඡේදයන් පසුකර තිබුනද​, එහි ප්‍රතිඵල ලැබී තියෙනවා…!” යැයිද මහාචාර්යවරිය සිය ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් පැවසුවාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්