නවතම පුවත්

ලෝක ඉතිහාසයේ වාර්තා බිඳදමමින් අමෙරිකානු කලාපයේ දැඩි නියඟයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

මෙවර ග්‍රීස්ම සෘතුව මෙතෙක් තිබූ ලෝක උෂ්ණත්ව වාර්ථා බිද දමමින් ඇති අතර විශේෂයෙන්ම එය ඇමරිකාවේ බටහිර කොටසේ සිට බ්‍රිටිෂ් කොලොම්බියාව, කැනඩාව ආදී රටවල් වලට ඉතා බිහිසුණු ප්‍රතිවිපාක අත්කර දෙමින් සිටීන බව .විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

ඇමෙරිකානු කලාපය පුරා මේ වන විටත් ඉතා සීග්‍රයෙන් පැතිර යන අධික නියගය හේතුවෙන් විශාල භූමි ප්‍රදේශ දැවී යෑම ආරම්භ වී ඇති අතර කලාපයේ බොහොමයක්  රටවල උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 46 ඉක්මවමින් තිබීම හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය තර්ජනයට ලක් වී ඇත.

ඉහළ යමින් පවතින ඉහළ යන උෂ්ණත්වය හේතුවෙන් ජීවිතය අහිමි වූ කැනඩා ජාතිකයන්ගේ ගණන 130කට අධිකය. ඊයේ දිනය වන විට කැනඩාවේ සාමාන්‍ය පාරිසරික උෂ්ණත්වය සෙල්සියස් අංශක 49.9ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය වසර 84කත පසු එරටින් වාර්තාවූ වැඩිම උෂ්ණත්වයයි.

මිය ගිය පිරිසෙන් වැඩිදෙනෙක් වයස්ගතවූවන් බව සඳහන්.වේ .

උෂ්ණත්වය හේතුවෙන් එළිමහනේ සිටීමට අපහසු පිරිස් වෙනුවෙන් ඇමසන් සමාගම පිහිටුවා ඇති සිසිල් ස්ථාන

ඇමරිකා එක්සත් ජනපදයේ නියගයන් පිලිබද නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ ඉදිරි සති කිහිපය තුළ පතින තත්ත්වය තවත් දරුණු විය හැකි බවය. ඔවුන්ට අනුව එරට ජනතාව මිලියන 58.4කට අධික සංඛ්‍යාවක් නියගයෙන් පීඩාවට පත්වන ප්‍රදේශ වල ජීවත් වෙයි .

එමෙන්ම ඇමරිකාවේ ප්‍රාන්ත 12 ක් පුරා අක්කර 661,400 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ලැව් ගිනි හේතුවෙන් විනාශ වෙමින් පවතී. උතුරු කැලිිෆොනියාවේ විශාලතම වනෝද්‍යානයක් වන Shasta-Trinity ජාතික වනෝද්‍යානයෙහි පැතිරුණ සීග්‍ර ලැවු ගින්න එක් රැයක් තුළ අක්කර 13000කට අධික භූමි ප්‍රමාණයක් දවා අළු කොට තිබේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්