නවතම පුවත්

චීනයට අනවශ්‍ය බලපෑම් කළොත් සිරස කුඩුවෙයි – චීන ජනපති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

චීනයට අනවශ්‍ය බලපෑම් කිරීමට උත්සාහ කරන විදෙස් බලවේගවල “හිස කුඩුවී” යනු ඇති බව චීන ජනපතිවරයා අවධාරණය කර සිටී.

චීනයේ නැගී සිටීම වැලක්වීමට කිසිවකුට නොහැකි බවද චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සර උත්සවයට එක්වෙමින් ජනපතිවරයා අද ප්‍රකාශ කර සිටියේය .

“චීන ජනතාව කිසි විටෙකත් වෙනත් රටවල ජනයාට හිරිහැර කර නැහැ ,පීඩා කර නැහැ , වහල්භාවයට පත් කර නැහැ ,. අතීතයේත් වර්තමානයේත් අනාගතයේත් අප කටයුතු කරන්නේ එලෙසයි  , එලෙසම චීන ජනතාව කිසි විටෙකත් විදේශීය හමුදාවන්ට , විදෙස් බලවේග වලට  යටවෙන්නෙත් නැහැ . කිසියම් බලවේගයක් , කිසියම් රටක්  අපට හිරිහැර  කිරීමට, පීඩා කිරීමට හෝ වහල්භාවයට පත් කිරීමට උත්සාහ කලොත් එම බලවේගයේ හිස කුඩුවී යාවි .   එම හිසේ රුධිරය , බිලියන 1.4 ක චීන ජනතාවගේ මාංශයෙන් හා රුධිරයෙන් සාදන ලද මහා ප්‍රාකාරයේ වැගිරේවි ”  යනුවෙන්ද චේන ජනපතිවරයා මෙහිදී අවධාරණය කළේය .

මෙම සංවත්වෙසරය වෙනුවෙන් බීජිං අගනුවර ඇතුළුව චීනය පුරා අද  දැවැන්ත  උත්සව රැසක් සංවිධාන කර තිබුණු අතර  කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු චීනය, කොමියුනිස්ට් පක්ෂයේ සංවත්සරය උත්කර්ශවත් ලෙස සමරන පළමු අවස්ථාව ද මෙය වේ.

චීනය අදට යෙදී ඇති කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය සමරනු ලැබුවේ එරට වැසියන් දහස් ගනණකගේ සහභාගීත්වයෙන් වීම විශේෂත්වයක්. වන අතර  එලෙස රැස්ව සිටින චින වැසියන් කිසිවෙකු මුව ආවරණ හෝ නොපැළඳ නිදහසේ සතුටු වන අයුරු දැක්වෙන ඡායාරූප රැසක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙ.

කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය වෙනුවෙන් බීජිං හි Tiananmen චතුරශ්‍රයේ පැවති  ප්‍රධාන උත්වයට  එක්වෙමින් වැඩි දුරටත් අදහස් දැක්වූ  චීන ජනාධිපති ශී ජින් පින් පැවසුවේ   චීනය හිරිහැරවලට ලක්වෙමින් පැවැති යුගය අවසන් බවය. එමෙන්ම චීන කොමියුනිස්ට්  පක්ෂය හෝ චීන ජනතාව වෙන් කිරීමට උත්සහ දරන්නවුන්ට අන්ත  පරාජයක්  හිමි වන බව ද ජනාධිපති පැවසීය .

චීනය තුළ දේශපාලන පෙරළි රැසක් සිදුකළ කොමියුනිස්ට් පක්ෂය පිහිටුවනු ලැබුවේ 1921 වර්ෂයේ ජූලි 01 දිනය . මේවනවිට අවුරුදු 72 ක් පුරා කොමියුනිස්ට් පක්ෂය චීනයේ පාලනය බලය හිමිකර ගෙන ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්