නවතම පුවත්

ලෝක ටෙස්ට් ශූරතාවලියේ සිංහයන්ගේ පළමු අභියෝගය

අසංක

අසංක

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තුන්වැනි අදියර හෙවත් 2023-2025 තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගාවලිය පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ලබන ජුලි මස 20 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

තරග 2 කින් සමන්විත ‌එම ටෙස්ට් තරගාවලියේ පළමු වැන්න ජූලි 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි තරගය එම 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලියට සහභාගිවීම සදහා බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තානු ටෙස්ට් කණ්ඩායම ලබන ජූලි 09 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ටෙස්ට් තරගාවලියට පෙර ජූලි 11 සහ 12 යන දිනවලදී දෙදින පුහුණු තරගයකටද සහභාගිවීමට නියමිතය.

ඉදිරි 2025 වසර සඳහා වන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය වර්තමාන ටෙස්ට් ලෝක ශූරයින් වන ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අලුබඳුන ක්‍රිකට් තරගාවලියත් සමග ආරම්භ විය. ඊයේ(20) පලමු තරඟයෙන් අවසන් වූ එම තරඟය කඩුලු 2කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

පාකිස්තානු ටෙස්ට් කණ්ඩායම – බාබර් අසාම් (නායක), මොහමඩ් රිස්වාන් (උප නායක), ආමර් ජමාල්, අබ්දුල්ලා ශෆික්, අබ්රාර් අහමඩ්, හසන් අලී, ඉමාම් උල් හක්, මොහොමඩ් හුරයිරා, මොහොමඩ් නවාස්, නසීම් ෂා, නොමන් අලී, සල්මන් අලි අඝා, සෆ්‍රාස් අහමඩ්, සෞද් ශකීල්, ශහීන් අෆ්රිඩි, ශාන් මසූඩ්.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්