නවතම පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන්නැයි මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස් නාඩා අල් නෂීෆ් පවසන්නීය.

ඇය පෙන්වා දෙන්නේ සංහිදියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සහාය ලබාදීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සූදානම් බවය.

මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය මහකොමසාරිස්වරිය මෙම අදහස් පළ කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නීති සම්පාදනය කිරීමට රජය පියවර ගත යුතු බව ඇය සිය ප්‍රකාශයෙන් දැනුම්දෙනු ලැබුවේය.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවති විරෝධතා පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව ද මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස්වරිය ප්‍රකාශ කර තිබේ.

විරෝධතා නායකයින් අත්අඩංගුවට ගැනීම, විකට සංදර්ශන අතර තුර සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම, විරෝධතාවල නිරත වූ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම යන කාරණා පිළිබව ද එම ප්‍රකාශයේ දී අවධානය යොමුකර ඇති බව සඳහන්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ දේශපාලන පක්ෂ සමග ආරම්භ කර ඇති සාකච්ඡා පිළිබඳව සතුට පළ කළ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස්වරිය පුරාවිද්‍ය වන වගා හෝ ආරක්ෂක අරමුණු සඳහා ඉඩම් අත්පත් කරගැනීම නැවැත්වීමට ගෙන ඇති තීරණය පිළිබඳව ද ප්‍රසංශා පළ කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට නව පත්කිරීම් කඩිනම් විය යුතු බව පෙන්වා දෙන නියෝජ්‍ය මහකොමසාරිස්වරිය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ සත්‍ය සෙවීමේ කොමිසමක් හෝ ඒ හා සමාන ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක් සඳහා වන සැලසුම් ප්‍රකාශ කිරීම කෙරෙහි අවධානය යොමු විය යුතු බවය.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම ද මානව හිමිකම් කවුන්සිල 53 වන සැසිවාරය සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

කැනඩාව, මලාවී, මොන්ටිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය එක්ව එම යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

රටේ මැතිවරණ ක්‍රම කෙරෙහි ඡන්ද දායකයින්ගේ විශ්වාසය පවත්වා ගනිමින් කොමිෂන් සභාවල ස්වාධීනත්වය සහතික කිරීම මඟින් ශ්‍රී ලංකාව සිය නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ඉතා වැදගත් බව ඔවුන් සිය වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්