ලෝක පරිසර දිනය අදයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලෝක පරිසර දිනය අද දිනට යෙදී තිබෙනවා.මෙවර එහි තේමාව වන්නේ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනයයි.(Eco system Restoration) ඒ අනුව වර්ෂ 2021-2030 අතර කාලය එක්සත් ජාතීන්ගේ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය පිළිබදව දශකය ලෙස නම් කර තිබෙනවා.පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය යනු පරිසර දූෂණය හා වන විනාශය වැනි ක්‍රියාකාරකම් මගින් පිරිහුණු පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීමට සහාය වීමයි.තවමත් නොවෙනස්ව පවතින පරිසර පද්ධති සංරක්ෂණය කිරීමද එහිදී සිදුවනවා. ඔබත් හැකිතාක් සොබාදහම සමග ජීවත් වන්න.පරිසරය රැක ගැනීම පිළිබදව අනිත් අයවත් දැනුවත් කරන්න.මෙය තනිව කළ හැකි සටනක් නොවෙයි.සුලුපිරිසක් හෝ දැනුවත් කිරීම මගින් විශාල වෙනසක් ඔබට කළ හැකියි.හැමවිටම ජෛව විවිධත්වයට හා සොබා දහමට ගරු කරන්න.සොබාදහම රැක ගැනීම වෙනුවෙන් අපි සැවොම ක්‍රියාශීලි වෙමු.