නවතම පුවත්

ලෝක බැංකුවෙන් පුංචි තල්ලුවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් ලෝක බැංකුව විසින් අනුමත කර තිබෙනවා. එමගින් මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ජීවනෝපායන් ආරක්ෂා කිරීමට උපකාර කිරීම සඳහා අවකාශය සැලසෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානීන්ට චීනය ආරාධනාවක් සිදුකර තිබෙනවා.

චීන විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් ඇත්තේ අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යනතර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා සහ ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් හට බීජිං නුවරට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බවයි.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝග ජය ගැනීම සඳහා සහය දැක්වීමට සිය රට ඉහළ වැදගත්කමත් ලබාදෙන බවද චීන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්