ලෝක බැංකුව- IMF මූලස්ථානවල අයට ‘ගෙදර ඉඳන් වැඩ කරන්න’ උපදෙස්

Picture of අසංක

අසංක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු සමූහය සිය වොෂිංටන් මූලස්ථාන කාර්ය මණ්ඩලයට නිවසේ සිට රාජකාරි කරන ලෙසට උපදෙස් දී තිබේ.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේවකයකුට කොරෝනා හෙවත් COVID-19 ඇතැයි හඳුනාගත් පසුවයි.

එක්සත් ජාතීන්ගේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් ප්‍රජාව ව්‍යාප්ත කිරීම සඳහා ඉහළ අවදානමක් ලෙස නම් කර ඇති යුරෝපීය සහ වෙනත් රටවලට කරන ලද මෙහෙයුම් අත්හිටුවා තිබියදීත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල “පූර්ණ ලෙස ක්‍රියාත්මක වනවා සේම එහි සාමාජිකයින්ට සේවය කිරීමට නිරන්තරයෙන් සූදානම්ව සිටින බව” එහි ප්‍රකාශකයෙක් පැවසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අමෙරිකානු මූලස්ථානයේ කාර්ය මණ්ඩලය 2,000 ක පමණ සංඛ්‍යාවක් සිටී.

වොෂිංටන් පදනම් කරගත් ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ සේවකයින් සහ බාහිර උපදේශකයින් 16,000 කට පමණ ද මෙම තත්ත්වය බලපා තිබේ.