කැරොලිනා ප්‍රොට්සෙන්කෝ යන නමින්ම ලොව පුරා දැන හඳුනනන පුංචි දැරියගේ වයලීනයේ හඬින් අමෙරිකාවේ විදිවල ‘මැණිකේ මගේ හිතේ..’ ගීතය වැයෙන්නට පටන් ගෙන තිබේ.
අමෙරිකාවේ පදිංචි යුක්‍රේන ජාතික කැරොලිනා වීදියේ වයලීන වාදනය පටන් ගත්තේ තම ඉගෙනීම සඳහා මුදල් සෙවීමටයි.
ඇය දැන් අමෙරිකාව පුරා පමණක් නොව සමාජ ජාල ඔස්සේ ලොවම හඳුනන අතිදක්ෂ වයලීන වාදකයෙකි.
ඕනෑම නුහුරු නුපුරුදු ගීතයක් වුවද පැයක් තුළ ඇයට තම වයලීනයෙන් හැඩකර වාදනය කරන්නට ඇති හැකියාව විශ්මිතය.
පහත දැක්වෙන්නේ අප විසින් කැරොලිනා ගැන 2019 වසරේදී තැබූ සටහනකි.