නවතම පුවත්

65 ට වැඩි අයට ‘බූස්ටර්’ ලබාදීමට නිර්දේශ කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් සහිත වයස අවුරුදු 65ට ඉහළ පුද්ගලයින්ට සහ බරපතල ගණයේ රෝගාබාධ වලින් පෙලෙන පුද්ගලයින් සඳහා කොවිඩ් මර්ධන එන්නත තෙවන මාත්‍රාවක් (බුස්ටර් එන්නතක්) ලබාදීම යෝග්‍ය බවට අමෙරිකාවේ ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරිය විසින් තහවුරු කර ඇති බව අමෙරිකානු වෛද්‍ය විද්‍යාලය නිවේදනය කර සිටි

මෙම බූස්ටර් එන්නත ලබාදීම සඳහා යෝග්‍ය කාණ්ඩ වශයෙන් වයස අවුරුදු 65ට වැඩි වැඩිහිටි පුද්ගලයින්, බරපතල ගණයේ රෝගාබාධ වලින් පෙලෙන පුද්ගලයින්, සෞඛ්‍ය සේවකයින් ඇතුළු කොවිඩ් වෛරසයට නිරාවරණය වීමේ වැඩි අවදානමක් සහිත පුද්ගලයින් සඳහා ද ලබාදීම යෝග්‍ය බවයි අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරියේ එන්නත් සම්බන්ධයෙන් වන උපදේශක කමිටුව තහවුරු කර ඇත t.

ඊශ්‍රායලය සහ ඇමෙරිකාව විසින් සිදුකරන ලද පර්යේෂණ වාර්තාවක් අනුව වැඩි අවදානමක් සහිත පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදීම තුලින් වෛරසයට ඔවුන් ගොදුරු වීමෙන් ඇතිවන දැඩි සංකුලතා වැළැක්වීම සම්බන්ධයෙන් වූ කරුණු පදනම් කර ගනිමින් මෙලෙස වැඩි අවදානම් සහිත පුද්ගලයින්ට තෙවන මාත්‍රාවක් ලබාදීමේ වැදගත්කම අමෙරිකාවේ ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරිය විසින් සිය සැලකිල්ලට ගෙන ඇත.

දෙවන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබාගෙන මාස 7-9ත් අතර කල සීමාවක් ගතවීමෙන් අනතුරුව කොවිඩ් මර්ධන එන්නතේ තෙවන මාත්‍රාවක් ලබාදීමෙන් වෛරසයෙන් ආරක්ෂාවීමේ වැඩි ඉඩකඩක් ලබාදෙන බවයි පර්යේෂකයින් විසින් පෙන්වා දී ඇත්තේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්