වර්තමානයේ රටේ පවතින තත්ත්වය හමුවේ තම වගකීම් පැහැර හරින පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට රජය තීරණය කර ඇත.
මේ අනුව රටේ පවතින වාතාවරණය යටතේ විශාල කාර්ය බාරයක් පළාත්පාලන ආයතන ප්‍රධානීන්ට පැවරී තිබෙන බවත් එම වගකීම් නිසි ලෙස ඉටුකරන ලෙස රජය පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත පැවසීය
ඇතැම් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට පවතින තත්වය තේරුම් නොගෙන විවිධ ක්‍රියාමාර්ග ගැනීම් රැසක් වාර්තා වී තිබෙන බවද එම නිසා ඉදිරියේදී වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතුව ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.