දම්පත් රණසිංහ
එල්ටීටීඊ සාමාජිකයකුව සිට පසුව පාතාල සාමාජිකයන් සමග එක්ව ජාවාරම්වල නිරත වන ‘කෙනඩි” නමැත්තාට අයත් වත්තල පිහිටි ස්ථානයක් වටලා විවිධ වර්ගයේ මත්කුඩු කිලෝ 50කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් කිලෝ 16ක්, කොකේන්, හෂීස් හා අයිස් ඇතුළු විවිධ වර්ගයේ මත්කුඩු ගිනි අවි 4ක් සහ තවත් ගිනි අවි තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය වසරේදී හෙට්ටිවීදියේ දී ක්‍රිෂ්ණපිල්ලෙයි නමැති මන්තත්‍රීවරයා ඝාතනය කිරීමට පැළද ගිය හෙල්මට් ඒක ද ෙමෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
වත්තල ප්‍රදේශයේදී දෙදෙනකු ඝාතනය කිරීමට යොදාගත් මෝටර් රථෙයේ පාට වෙනස් කර තිබියදී ඒය ද අත්අඩංගුවට ගෙන ඇත.
වැටලීම කර ඇත්තේ විශේෂ කාර්ය බළකාය විසිනි.
කෙනඩි හෙවත් ‘බුම්මා’ නමැත්තා වැටලීමේදී පලාගොස් තිබේ. ඔහුට සේවය කළ පිරිමි 2නෙකු සහ ගැහැණු 2 නෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.