වතු ජනතාවට නිවාස සම්පාදනයේ දී ඔවුන් ජිවත් වන නිවාස ආසන්නයේම නව නිවාස ඉදිකිරීම් සිදුකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී.
වතු ජනතාව ජීවත්වන ලයිම සඳහා අත්‍යාවශය යටිතල පහසුකම් සපයා ඇති අතර ලයිම ආශ්‍රිතව නව නිවාස ඉදිකිරීමෙන් ව්‍යාපෘතියේ ප්රතිලාභ කඩිනමින් ජනතාවට දිය හැකි බව ජනපතිවරයා පෙනවදේ .
සිදුවිය යුත්තේ ඔවුන් ජීවත්වන පරිසරයේම සිට ජීවන තත්ත්වය නගා සිටුවීම බවදවතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව පෞද්ගලික වතු සමාගම් ද තම යුතුකම් සහ වගකීම් කොටස ඉටුකළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙනවා දී ඇත.