නවතම පුවත්

වතු කම්කරුවන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයට අයත්  ශ්‍රී ලංකා  වතු කම්කරුවන්ගේ අධ්‍යාපන භාරය (CEWET) විසින්, වතු කම්කරු ප්‍රජාවගේ දරුවන් වෙනුවෙන්ම වූ  විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර ඇත

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා වතු කම්කරුවන්ගේ දරුවන්ගෙන් අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර ඇත .. මෙම ශිෂ්‍යත්ව අ.පො.ස උසස් පෙළ, උපාධි පාඨමාලා සහ ශ්‍රී ලංකාවේ පිහිටි රජයේ වෙනත් තාක්ෂණ විද්‍යාලයන්හි වෘත්තීය පුහුණු/ තාක්ෂණික අධ්‍යාපනය හැදෑරීම සඳහා පිරිනමනු ලැබේ.

අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වූ සිසුන්ට (අවම වශයෙන් C සාමාර්ථ 6 ක් සහිතව) හෝ උසස් පෙළ සමත් වයස අවුරුදු 25 ට අඩු අයවලුන්ට මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ හැක. සම්පුර්ණ කරන ලද අයදුම්පත් සමඟ උප්පැන්න සහතිකය, අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල සටහන, දෙමව්පියන්ගේ ආසන්නතම වැටුප් පත්‍රය සහ දෙමාපියන්ගේ රැකියාව පිළිබඳ වතු අධිකාරීගේ සහතිකය යන ලිපි ලේඛනවල ඡායා පිටපත් එවිය යුතුය. අයදුම්පත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ www.hcicolombo.gov.in වෙබ් අඩවියෙන් බාගත හැකිය.
එසේම අයදුම්පත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, 36-38, ගාලු පාර, කොළඹ -03 සහ සහකාර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, අංක 31, රජපිහිල්ල මාවත, මහනුවර යන ස්ථානයන්ගෙන් ද ලබා ගත හැකිය.
4.පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත් ගරු ලේකම්, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, ලංකා වතු කම්කරුවන්ගේ අධ්‍යාපන භාරය, තැපැල් පෙට්ටිය 882, කොළඹ -03 යන ලිපිනයට 2021 අප්‍රේල් 30 හෝ ඊට පෙර ලැබීමට සලස්වන්න.
******

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා