නවතම පුවත්

වධහිංසා දෙන බවට TIDයේ 50කට ITJPයෙන් චෝදනාවක්

අසංක

අසංක

පොලීසියේ ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් 50 දෙනෙකු ට අධික පිරිසක් පුද්ගල වධහිංසාවන්ට සම්භන්ධ බව අන්තර්ජාතික සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය (ITJP) නිකුත් කල නවතම අධ්‍යයන වාර්තාවක දැක්වේ.

සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදයක් හරහා මෙම අධ්‍යයනය සිදුකල බවත් එහිදී ශ්‍රී ලංකා පොලිස් ත්‍රස්ත විමර්ශන අංශයේ 58 දෙනෙකුම , අත්අඩංගුවටගැනීම් හා ප්‍රශ්න කිරීම් ආදීයේදී පුද්ගලයින්ට වධ හිංසා පමුණුවා ඇති බව අනාවරණය වී ඇති බවත් වාර්තාවේ දැක්වේ.

“පොලිස් වධහිංසා සම්භන්ධ චෝදනාවලට පොලිසිය විසින්ම දක්වන උදාසීනත්වය ගැන කම්පනයට පත්වන බවද ඒ හරහා ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත කැපවීම සමච්චලයට ලක් වන බවද ” යැයි මෙම ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂ යස්මින් සූකා මහත්මිය අවධාරණය කර ඇත.

පසුගිය දශකය තුළ TID විසින් රඳවාගෙන සිටින පිරිමින්ට හා කාන්තාවන්ට ක්‍රමානුකූලව කුරිරු වධහිංසා පැමිණවීම සහ ලිංගික හිංසන පිළිබඳවද මෙහි කරුණු දක්වා ඇත.

පොලිසිය විසින් ලබාදෙන මෙම වධ හිංසා නීති විරෝධී පමණක් නොව සදාචාරාත්මකව පිළිකුලකි. මෙම වාර්තාවේ සවිස්තරාත්මකව සිදුකරන බිහිසුණු හා ක්‍රමානුකූල අපයෝජනයන්ට එරෙහිව සියලුම ශ්‍රී ලාංකිකයන් නැගී සිටිය යුතු යයි ”සූකා මහත්මිය මෙම වාර්තාව හරහා ප්‍රකාශ කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්