වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා විමර්ශනයට පත් කළ කැබිනට් අනු කමිටුවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වේ
, වෘත්තීය සමිති නියෝජිතයින් සමගද සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව නිර්දේශ කැබිනට් අනු කමිටුව විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇත.
එහිදී රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගියදා පත් කළ එස්. රනුක්ගේ කමිටුවේ වාර්තාවේ නිර්දේශ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.
අදාළ කැබිනට් අනු කමිටුව මුදල් අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසකගෙන් සමන්විත වේ.