කොළඹ වරායේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිල සුනඛ ප්රවාහන වාහනයක සැඟවූ නීති විරෝධි ලෙස රට සිගරට් තොගයක් වරායෙන් පිටතට රැගෙන යාමට සූදානම් වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඊයේ (24) රාත්රී අත්අඩංගුවට ගෙන තිබේ.
සිගරට් 8000 ක් අඩංගු බන්ඩල් 45 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් කොස්තාපල්වරුන් ය.
වරායට පැමිණෙන විදෙස් නෞකාවලින් බදු රහිතව මෙම සිගරට් මිලදී ගෙන ඇත.
ඔවුන් රේගුවට රහසින් මේවා වරායෙන් පිටතට රැගෙන යාමට සූදානම් වී ඇත.
“මෙය කාලයක් තිස්සේ සිදුවන සංවිධානාත්මක ඡාවාරමක්. සිගරට් විතරක් නෙමෙයි. මත්පැන් පවා මේ ආකාරයට වරායෙන් පැන්නීමක් කරනවා. මෙම ජාවාරමට සම්බන්ධකම් ඇති බවට තොරතුරු ලැබී තිබුණු වරාය පොලිස් ස්ථානයේ නිලධාරීන් රැසක්ම පසුගිය දිනවල අපි ස්ථානමාරුකලා. මේ දෙන්නවත් අපි අල්ලා ගත්තේ ලැබුණු තොරතුරකට අනුවයි.“ යැයිද උසස් පොලිස් නිලධාරියකු පැවැසුවේය.