වව්නියාවේදී බුද්ධි බළකා සාමාජිකයකු මියයයි

Picture of අසංක

අසංක

යුද්ධ හමුදාවේ බුද්ධි බළකා සාමාජිකයකු පෙරේදා රාත්‍රිෙය් මියගොස් තිබේ.

‍‍මෙසේ මියගොස් ඇත්තේ මාතර නගරයේ පදිංචිකරුවකු වු 01වැනි බුද්ධි බළකායේ ඩබ්ලිව්.ඒ අජිත බව යුද හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.

ඉකුත් 08 වැනිදා රාත්‍රිෙය් කිසියම් රාජකාරි කටයුත්තක නිරතව සිටි මෙම හමුදා බුද්ධි අංශ සමාජිකයා, පසුව ළිදක වැටී මියගොස් සිටියදී සොයාගෙන ඇත.

අදාල බුද්ධි අංශ සමාජිකයා පසුගිය මානුෂිය මෙහෙයුම සමයේ පටන් බුද්ධි අංශය වෙනුවෙන් සිය යුතුකම් නොපිරිහෙලා ඉටු කළ අයෙකු ලෙස සදහන්ය.
‍‍
‍අදාල මරණය පිළිබදව හේතු කිසිවක් නිල වශයෙන් ඉදිරිපත් වී නොමැත.