නවතම පුවත්

වසරක් තිස්සේ වෙදකම් කළ හොර දොස්තර කල්පැන්න බෙහෙත් එක්කම අත්අඩංගුවට

අසංක

අසංක

පානදුර කෙසෙල්වත්ත සරික්කමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් සරික්කම්මුල්ල ගම්වැසියන්ට වසරකට වැඩි කාලයක් තිස්සේ ප්‍රතිකාර කල ව්‍යාජ වෛද්‍යවරයෙක් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

මෙම වෛද්‍යවරයා 30 හැවිරිදි වියේ පසුවන්නෙකි. ඔහුගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබී රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති විවිධ වර්ගයේ ඖෂධ රැසක්ද සොයාගෙන ඇත. ඒ අතර ගබ්සා සඳහා යොදාගන්නා තහනම් ඖෂධයක්ද තිබී සොයාගෙන තිබේ. සොයාගත් ඖෂධ අතර කල්ඉකුත් වූ ඖෂධ රැසක්ද තිබී ඇත. රෝගීන්ට එම ඖෂධ පවා ඔහු විසින් නිකුත්කර ඇති බව දූෂණ මර්දන බලකාය සඳහන් කරයි.

මෙම ස්ථානයේ මෙයට පෙර වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇත්තේ ඔහුගේ මාමා විසිනි. මාමා දැන් මියගොස් ඇති බවද අනාවරණය වී ඇත. ඔහුද සරික්කම්මුල්ලේ ජනතාව අතර ප්‍රසිද්ධ අයෙක් බව දූෂණ මර්දන බලකාය කියයි. විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ඔහුද හොර දොස්තරයෙක් බවය.

කලකට පෙර මිය ගිය වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචි අංකයක් භාවිතාකරමින් මෙම පුද්ගලයා වෛද්‍යවරයෙක් ලෙස ප්‍රතිකාර කර ඇති බව පෙනී ගොස් ඇත.

වෛද්‍ය සහතික පවා ඔහු මෙම ස්ථානයෙන් නිකුත්කර ඇති අතර විශාල පිරිසක් දිනකට ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බව දූෂණ මර්දන බලකායේ නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත.

මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ ඖෂධ නිකුත් කිරීමට සිට ඇත්තේද නිසි පුහුණුවක් හෝ ඖෂධ පිළිබද නිසි දැනුමක් නොමැති තරුණියකි. ඇයවද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත. ඇය පෙනී සිට ඇත්තේ හෙදියක් ලෙසිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්