ශ්රීලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම අතර ශ්රී ලංකාවේ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්රිකට් තරගාවලියේ එක් තරගයක් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වීමට ක්රිකට් ආයතනය තීරණය කර තිබේ.
ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පෙබරවාරි 26 දා පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගය දිවා රාත්රී තරගයක් ලෙසින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්රිකට් ක්රීඩාංගණයේදී අවසන්වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2017 වසරේ ජුනි මාසයේදී ශ්රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරගයකි.
එක්දින තරග තුනක්, විස්සයි20 තරග දෙකක් ක්රිඩා කිරීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ශ්රී ලංකාවට පැමිණිමට නියමිතය.