වසර 35කට පසුව ලෝක විවාහක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට

Picture of අසංක

අසංක

දශක 3කට පසුව ශ්‍රී ලංකාවට ලෝක විවාහක රූ රැජිණ කිරුළ ගෙන ඒමට කැරොලයින් ජූරි සමත් වී තිබේ.

ඒ අමෙරිකාවේ ලාස් වේගාස් හිදී අද අවසන් වූ 2020 ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනාගනිමිනි.

අවසාන මහා තරගය මීට ටික වේලාවකට පෙර නිමාවට පත්විය.

එහිදී 2 වන ස්ථානය අයර්ලන්තය තරගකාරිනිය දිනාගත් අතර 3 වන ස්ථානය අමෙරිකානු වර්ජින් දූපත් තරගකාරිනිය විසින්ද දිනාගත්තාය.

මීට වසර 35කට පෙර එනම් 1985දී මෙම කිරුළ ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ වත්මන් කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මියයි.

වසර 35කට ඉහතදී විවාහක කිරුළ ජයගත් රෝසි සේනානායක මහත්මිය.
ජූරි සිය සැමියා දරුවා සහ රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ සමග