නවතම පුවත්

‘දැක්ක පළමු දවසෙම කැරොලයින් දිනයි කියලා හිතුණා’- රෝසි සේනානායක

අසංක

අසංක


රමේෂ් වරල්ලෙගම

“කැරොලයින් දැක්ක පළමු දවසෙම ඇයට ලෝක විවාහක රූ රැජිණ තරගය දිනන්න පුළුවන් කියලා මට දැනුණා” යැයි පළමු ලෝක විවාහක රූ රැජිණ තරගයේ ජයග්‍රාහිකාව වු කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ද කළම්බො එක්ස්ප්‍රස්වෙත අද (07) පැවැසුවාය.

වසර 35කට පසු ශ්‍රි ලංකාවට ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනා දුන් කරොලයින් ජූරි මහත්මියගේ ජයග්‍රහණයට ද කළම්බො එක්ස්ප්‍රස් ඔස්සේ සුබ පැතුම් එක්කරමින් රෝසි සේනානායක මහත්මිය මේ බව සදහන් කළාය.

කරොලයින්ගේ ජයග්‍රහණය ගැන රෝසි සේනානායක මහත්මිය මෙසේ ද කීවාය.

“ජාත්‍යන්තර වශයෙන් දෙවැනි වතාවටයි විවාහක ලෝක රූ රැජිණ තරගය ජයග්‍රහණය කරන්නෙ. ඇත්තටම මේක රටට ලැබුණු විශාල කීර්තියක්. මුළු ලෝකයම බලා සිටි තරගයක ජයග්‍රහණය ලැබීමට කරොලයින්ට හැකි බව ඇය දුටු පළමු දවසෙම මට හිතුණා. ඊයේ තරගයට ඇය ඉදිරිපත්වීමට පෙර දුරකථන ඇමතුමක් දීලා සුබ පතන්න මට හැකියාව ලැබුණා. මම ඇයට සුබ පැතුමින් කිව්වා you can do it කියලා. අද වනවිට ඒ සතුටු දායි ප්‍රතිඵලය රටට ලැබිලා තියෙනවා. “

රෝසි සේනානායක මහත්මිය 1984 දෙසැම්බර් මාසයේඔස්ට්‍රේලියාවේ පැවැති ලෝක විවාහක රූ රැජිණ තරගය ජයගත්තාය.

ඇය මෙම කිරුළ දිනාගත් ලෝකයේ පළමුවැන්නියයි.

1985 වසර සදහා ලෝක විවාහක රූ රැජිණිය ලෙස රෝසි සේනානායක මහත්මිය නම් වුයේ ඒ අනුවය.

ඉන් වසර 35කට පසුව කැරොලයින් ජූරි 2019 වසරේදී දැන් මෙම කිරුළ ශ්‍රි ලංකාවට දිනා දී තිබේ.

ඇය 2020 ලෝක විවාහක රූ රැජිණ ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්