නවතම පුවත්

වසර 5කට පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රංශයට යයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී  ලංකන් ගුවන් සේවය වසර පහකට පසු ලබන නොවැම්බර් 01 වනදා සිට ප්‍රංශයේ පැරිස් නුවර වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව එම ගුවන් සමාගම කියා සිටී.

ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ ප්‍රංශයේ පැරිස් චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපල අතර නියමිත ගුවන් ගමන පිරිමැසුම් පංතියේ ආසන 269ක් සහ ව්‍යාපාරික පන්ති ආසන 28කින් සමන්විත එයාර් බස් A 330-300 ගුවන් යානා උපයෝගී කරගනිමින් එම ගුවන් ගමන් සිදුවන බවද එම සමාගම කියා සිටී.

සෑම බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනකම මෙම ගුවන් ගමන් සිදු කෙරෙන අතර එහි ගුවන් ගමන් කාලය පැය 11 විනාඩි 25 ක් පමණ වේ ප්‍රංශය වෙත පියාසර කරනු ලබන බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.

වසර පහකට පසු ප්‍රජශය වෙත ගුවන් ගමන් ඇරඹීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කළේ කොළඹ සහ පැරීසිය අතර සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම ගැන සතුටට පත්වන බවත් , කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක සංචාරක ව්‍යාපාරය නව ආරක්‍ෂක පියවරයන් යටතේ ලංකාව කදිම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට මෙය විශාල අවස්ථාවක් වන බවය.

2016 නොවැම්බර් මාසයේදී ශ්‍රීලංකන් ගුවන් සේවය පැරීසිය වෙත සිය ගුවන් ගමන් නවතා දැමුවේය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්