වසර 8 කට පසු ලංකාවට ආසියානු බොක්සිං පදක්කමක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ආසියානු බොක්සිං ශූරතාවලියේ එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවති තරගයේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට නදීකා පුෂ්පකුමාරි සමත්ව තිබෙනවා.

ඒ, කාන්තා, කිලෝ ග්‍රෑම් 51 බර පංතිය යටතේ තරග වදිමින්. 2013 වසරෙන් පසු ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රිඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් ආසියානු මට්ටමේ පදක්කමක් දිනා ගත් පළමු අවස්ථාව මේ වනවා. මේ අතර මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අත්කර දුන් නදීකා පුෂ්පකුමාරිට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය සුබ පැතුම් පිරිනමා තිබෙනවා.