නවතම පුවත්

ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍යයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම හා බැඳුණු ආර්ථික සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිසි පරිදි ඉටු කළහොත් ශ්‍රී ලංකා ආර්ථිකය නිසි මාර්ගයට පිවිසෙතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා ඒ බව පැවසුවේ ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනය මගින් සංවිධානය කර තිබු වැඩසටහනකට එක්වෙමිණි.

රජයේ අරමුණ ධනාත්මක බදු ප්‍රතිසංස්කරණ හඳුන්වාදී ද්‍රරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස් VAT වැනි බදු මගින් බැටකෑම අවම කිරීම බවත් ජනාධිපතිවරයා පැවසීය.

2026 වනවිට රටේ ආර්ථිකය නැවතත් 2019 තිබූ තත්ත්වයට ගෙනයෑමට හැකිවුවහොත් එය ජයග්‍රහණයක් බවද ඔහු පැවසීය.

“ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිර්භීතව කළ යුතුයි. එමගින් රටේ ඉදිරි ගමන ස්ථාවර වෙයි. රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් විය යතුයි. IMF වැඩසටහනේ පළමු ප්‍රගති සමාලෝචනය කරන අවස්ථාව වනවිට ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම තමයි අපේ අරමුණ. අපි තීරණය කළ යුතුයි රට ඉදිරියට යනවද නැත්ද කියලා. රටේ වර්ධනය වැඩිකරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කළ යුතුයි. එසේ නොකළහොත් “ඔබ ලියලා තියාගන්න” ඊළඟ නැගිටීම පෙරට වඩා ප්‍රචණ්ඩකාරී නැගිටීමක් වෙයි.”

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි