නවතම පුවත්

විශිෂ්ටම පරිසර හිතකාමි ව්‍යාපාරය ලෙස දේශක්ති ඊ සොලූෂන්ස් BWIO සම්මාන දිනයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණ සමාගමක් වන දේශක්ති ඊ සොලූෂන්ස් සමාගම Business World International Organization සංවිධානය කළ Business World International සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පරිසර හිතකාමි ව්‍යාපාරය ලෙස BWIO සම්මානයෙන් පිදුම් ලැබීය. දේශක්ති ඊ සොලූෂන්ස් සමාගම ඉවත ලන පොලිතීන් ප්‍රතිචක්‍රියකරණය කර නිෂ්පාදන රැසක් සිදු කරයි. 2007දී ප්ලාස්ටික්, පොලිතීන්, කඩදාසි සහ කාඩ්බෝඩ් වැනි ඉවත ලන අපද්‍රව්‍ය එකතු කර ප්‍රතිචක්‍රියකරණ සමාගම්වලට අලෙවි කරමින් ඇරැඹූ දේශක්ති ඊ සොලූෂන්ස් සමාගම වර්තමානයේදී මෙරට කර්මාන්තශාලාවලින් ඉවත ලන පොලිතීන් ප්‍රතිචක්‍රියකරණය කරමින් නිමි භාණ්ඩ නිපදවමින් පරිසරය සුරැකීමට ප්‍රමුඛ දායකත්වයක් සපයයි. ගාබේජ් බෑග්, ටියුලිප් බෑග්, පැල හිටවන බෑග්, ෂොපින් බෑග්, අඟලේ සිට අඟල් 48 දක්වා සියලුම පොලිතින් නිෂ්පාදන ඔවුන්ගේ නිෂ්පාදන වපසරියට අයත්ය.

දංකොටුවේ පිහිටි පැය 24 පුරා ක්‍රියාත්මක දේශක්ති ඊ සොලූෂන්ස් කර්මාන්තශාලාවේ ප්‍රතිචක්‍රියකරණය කරන ලද පොලිතින් කිලෝග්රෑම් 3000ක් දිනකට නිපදවන අතර එහි සේවක සේවිකාවෝ 75කට වැඩි ප්‍රමාණයක් සේවය කරති. ඔවුන්ගේ මෙම ප්‍රතිචක්‍රියකරණ ක්‍රියාවලිය හරහා පොලිතීන් නිෂ්පාදන මෙරටට ආනයනයට වැය වන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි වේ. මෙරට අපනයන සමාගම්වලට සිය නිෂ්පාදන සැපයීම හරහා වක්‍ර අපනයනයටද දේශක්ති ඊ සොලූෂන්ස් සමාගම දායක වේ. “අසීරුතා හා අභියෝග රැසක් මැද මෙම ව්‍යාපාරය නිර්මාණය වුණේම ඒ තුළ ව්‍යවසායකත්ව අවස්ථා මතු කර ගත් නිසා. ප්‍රථමයෙන් ඉවත ලන අපද්‍රව්‍ය එකතු කර අලෙවි කළ අප ආයතනය ඉන්පසුව චීනයෙන් යන්ත්‍ර ආනයනය කර ප්‍රතිචක්‍රියකරණ සහ නිෂ්පාදන කටයුතු ඇරඹුවා. මෙම ජයග්‍රහණය ලැබීමට දායක වූ කාර්ය මණ්ඩලයට මෙන්ම අප කෙරෙහි විශ්වාසය තැබූ සැපයුම්කරුවන් සියලු දෙනාට සහ දංකොටුව මහජන බැංකු ශාකාවට මාගේ කෘතවේදිත්වය පිරිනමනවා.” දේශක්ති ඊ සොලූෂන්ස් හිමිකරු ලසන්ත සම්පත් සිල්වා මහතා පැවසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා