නිහඬතාව බිඳ දමමින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්, වැග්නර් නායක යෙව්ග්නි ප්‍රිගොෂින්ගේ මරණය පිළිබඳ සිය ශෝකය පළකර තිබේ.
පෞද්ගලික ජෙට් යානයකින් ගමන් කරමින් සිටියදී එය හදිසියේ කඩා වැටී සිදුවු අනතුරකින් වැග්නර් නායකයා ඇතුළු 10 දෙනෙකු මියගොස් තිබුණි.
යෙව්ග්නි ප්‍රිගොෂින්ගේ මරණය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා නිහඬව සිටීම පිළිබඳ විදෙස් මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුවී තිබුණි.
කෙසේවෙතත් එම නිහඬතාවය බිඳ දමමින් ප්‍රිගොෂින් ඇතුළු විපතට පත්වූවන්ගේ පවුල්වලට සිය අවංක ශෝකය පළකරන බවට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විසින් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ජීවිතයේ සංකීර්ණ ඉරණමක් ඇති මිනිසෙකු වූ ප්‍රිගොෂින් තම ජීවිතයේ බරපතළ වැරදි සිදු කළ නමුත්, ඔහු නිවැරදි ප්‍රතිඵල ලබාගත් අයෙකු ලෙස හැඳින්විය හැකි බව සිය ශෝක ප්‍රකාශය මඟින් රුසියානු ජනාධිපති වැඩිදුරටත් සඳහන් කර තිබේ.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2023/08/0fdf0f43-image.png)