නවතම පුවත්

වාරියපොල තක්කඩින්ට සසුන වනසනසන්න දෙන්න බැහැ -එල්ලාවල මේධානන්ද නාහිමි

ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

 

ශ්‍රමණවේශධාරි ඇතැම් අයගේ තක්කඩි වැඩ නිසා සමස්ත භික්ෂු සමාජයටම හානියක් සිදුවන්නේ යැයි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති.

රටේ නීතියට ගිහියා හෝ පැවිද්දා වශයෙන් බේදයක් නැති බවත් වාරියපොල පොලිසියේ සිද්ධියට ශ්‍රමණවේශධාරියා වරදකරුවෙකු නම් නීතිය අකුරටම ක්‍රියාත්මක කළයුතු යැයිද මේධානන්ද නාහිමියෝ කියති.

අතීතයේදි සිංහල බෞද්ධ රජෙක්වු කණිරජානුතිස්ස රජතුමා යම්කිසි වරදකට හසුවු භික්ෂුන් 60ක් මරාදැමිමට ක්‍රියාකළ ආකාරය ඉතිහාසයේ සදහන් වෙනවා.රාජනීතියට අනුගත විමට තමයි බුදුහාමුදුරුවෝත් භික්ෂුන්ට අනුදැන වදාළේ.

කාරණය කුමක් වුවත් වාරියපොල පොලිසියේදි අදාළ ශ්‍රමණවේශධාරියාගේ හැසිරිම ඉතා පිළිකුළෙන්යුක්තව හෙළා දකිනවා.එහිදි පොලිස් නිලධාරියෙකුට පහරදිමක් ගැනත් අසන්න ලැබුණා.මේ සිද්ධින් ගැන විධිමත් පරික්ෂණයක් පවත්වා ශ්‍රමණවේශධාරියා වරදකරුවෙකු නම් නීතිය අනුව නිසි දඩුවම් දීමට පියවර ගත යුතුයි .

නොයෙක් තක්කඩින්ට අවශ්‍ය විදියට චීවරයට නිගාදිමට හෝ සසුන වනසන්න ඉඩ දිය නොහැකි යැයිද එල්ලාවල මේධානන්ද නාහිමියෝ වැඩිදුරටත් කියති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්