මෙවර අයවැයෙන් යෝජිත එකතු කළ අගය මත බද්ද (වැට්) 18% ක වැඩි කිරීම ඩීසල් සහ භූමිතෙල් සඳහා බලාත්මක නොවනු ඇති බව විදුලිබල හා බලශක්ති කාංචන විජේසේකර මහතා පවසයි.
“යෝජිත වැට් බද්ද වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණය මේ වසරේ දෙසැම්බර් 10 වැනිදා ගන්නවා. කෙසේ වෙතත් භූමිතෙල් සහ ඩීසල් වැට් බද්දෙන් නිදහස් කිරීමට අවධානය යොමු කර තිබෙනවා.” අමාත්‍යවරයා පැවසීය.
යෝජිත වැට් බදු වැඩිවීම ලබන ජනවාරියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
හම්බන්තොට ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදිකිරීම ලබන මාසයේ ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.