නවතම පුවත්

වැඩි මිලට වාහන ලීසිං කරලා අමාරුවේ වැටෙන්න එපා.!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වර්තමානයේ දී වාහන ආනයන නවතා දැමීම තුළ, මෙරට පාවිච්චි කරන ලද වාහන මිල සීඝ්‍රයෙන් ඉහළ යන ප්‍රවණතාවක් දකින්නට ලැබෙන බවත් මෙසේ වැඩි මිලට වාහන මිලදී ගැනීමට ට ලීසිං පහසුකම් සපයන  සමාගම් පසු කාලයකදී  අර්බුදයකට පත්විය හැකි බවත් මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී හි සභාපති සුජීව රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී

වත්මන්  පසුබිම තුළ ඇතැම් වාහන නොවටිනා මිල ගණන්වලට විකිණීමට ඇති අයුරු වාහන අලෙවි දැන්වීම් පළකරන ඇතැම් වෙබ් අඩවි පිරික්සීමේ දී පැහැදිලිවන බවද ඒ මහතා පැවසීය

මේ සම්බන්ධයෙන් රාජපක්ෂ මහතාගෙන්  වැඩිදුරටත් මෙසේ  කියා සිටියේය ,

, මීට වසර කිහිපයකට පෙර එංගලන්තය වැනි රටවල දේපළ වෙළෙඳාම් සම්බන්ධයෙන් බබල් එකක් ඇති වූ ආකාරයට මෙරට වාහන වෙළෙඳපොළේ ද බබල් එකක් ඇති වී තිබෙනවා  පවතින තත්ත්වය සමතයකට පත වූ කාලයක දී වැඩි මිලට ලීසිං පහසුකම් සපයන ලද සමාගම් අර්බුදයකට පත්විය හැකියි .. මේ වන විට සියලු මූල්‍ය සමාගම් ඒ ගැන සලකා බලමින් සිටින බවත්, පීපල්ස් ලීසිං සමාගම කටයුතු කරන්නේ ඒ අනුවයි

“එකපාරක් එංගලන්තේ එහෙම විශාල රියල් එස්ටේට් බබ්ල් එකක් ආවා. මොකද නොහිතන ගණන්වලට රියල් එස්ටේට් වටිනාකම ගිහිල්ලා අන්තිමට එකසැරේට ඒවායේ වටිනාකම අඩුවුණා. එතකොට අඩුවුණු ගමන්ම බැංකු කඩාගෙන වැටුණා. සමහර වාහන මිලියන 8 ට 10 ට ගියපු ඒවා අද වෙන කොට මිලියන 20 ට විතර යනවා කියලා ආරංචි වෙනවා. එතන විශාල අනවශ්‍ය මිල වැඩිවීමක් තියෙන්නේ. ඒ මිලකට මූල්‍ය ආයතන විසින් ලීසිං පහසුකම් සැපයූවොත් කවදා හරි මේක සමතයකට පත් වුණාම, අද තියෙයි තව අවුරුද්දකින් මේක හරියනවා මේ ප්‍රශ්නය, එතකොට එකසැරේටම ලොකු කඩා වැටීමක් වෙනවා. එතකොට ඒ ආයතනවල විශාල වශයෙන්ම අනවශ්‍ය ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකද රටේ වාහනයට අදාළ වටිනාකම නෙමෙයි මූල්‍ය පහසුකම සපයලා තියෙන්නේ. ඒක නිසා මම හිතනවා හැම මූල්‍ය සමාගමක්ම ඒ ගැන බලනවා. එතකොට ඒ අනුව තමයි කටයුතු කරන්නේ කියන එක විශ්වාසයි. පීපලස් ලීසිං එක ගත්තොත් අපි ඒ විදියට කටයුතු කරනවා.”

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි