නවතම පුවත්

අවු.15ට වැඩි දරුවන්ට එන්නත් දීම රෝහලේදී පමණයි – ජනපති

gr
අසංක

අසංක

වයස අවුරුදු 15 – 19 අතර වයස් කාණ්ඩයේ දරුවන් සියලුදෙනාට ෆයිසර් එන්නත ලබාදීම රෝහල් තුළදී පමණක් සිදුකර එය කඩිනමින් අවසන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් දුන්නේ විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුවය. ඒ පිළිබඳ දෙමාපියන් නිවැරදිව දැනුවත් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණයට එළැඹිණ.

දරුවන් එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා විමසා සිටී අවස්ථාවේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ එහිදී දීර්ඝකාලීන රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 12-19 අතර වයස් කාණ්ඩවල දරුවන් එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබාදීමට සෞඛ්‍ය විශේෂඥ කමිටුවේ නිර්දේශය ලැබී ඇති බවයි.

සායනික විශේෂඥ වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට යටත්ව දෙමාපියන්ගේ අවසරය ඇතිව අදාළ සායන තුළදීම පමණක් ඔවුන් එන්නත්කරණය කිරීමට සැලසුම් කර තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

වයස අවුරුදු 12-15 අතර වයස් කාණ්ඩවල නිරෝගී දරුවන්නට එන්නත ලබාදීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා විශේෂඥ වෛද්‍ය කමිටුවෙන් කරුණු විමසූ අතර විශේෂඥ කමිටුව පෙන්වා දුන්නේ ලෝකයේ සෙසු රටවල් තවමත් ඒ සඳහා යොමුව නොමැති බවත්, දැනට වයස අවුරුදු 15 – 19 අතර වයස් කාණ්ඩයේ සියලුදෙනාට එන්නත ලබාදීම නිර්දේශ වී ඇති බවත්ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්