වැලිකඩ බන්ධනාගාරයෙන් යලි කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී
දින දෙකක් තුළ එම බන්ධනාගාරයෙන් ‘කොවිඞ් – 19’ ආසාදිත රැදවියන් 105 ක් හදුනාගෙන ඇති අතර එම සියලූම ආසාදිතයන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇත .
රැදවියන් පිරිසක් අහඹු පෙ .සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර එම පරීක්ෂණ ප්‍රතිඵල අනුව මෙම පිරිස හඳුනාගෙන ඇත
වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආර්. පී. කේ. චන්දන මහතා පැවසුවේ වැලිකඩ බන්ධනාගරයට උසාවිවලින් සහ සෙසු බන්ධනාගාරවලින් රැදවියන් ගෙන ඒම නැවත ආරම්භ කිරීම නිසා සෑම ප්රදේශකයකින්ම පුද්ගලයන් පැමිණිම අඛණ්ඩව සිදුවන බවත් රැදවියන් සංඛ්‍යාව වැඩි වෙත්ම වයිරසය පැතිර යෑම වේගවත් වන බවත්ය.