දෙහිවල සත්වෝද්‍යානය තුළින් හමුවූ මත්කුඩු හා එහි සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටිමින් කුඩු ජාවාරම මෙහෙයවූ පුද්ගලයාගේ සහායකයින් බවට සොයාගෙන තිබේ.
මෙම වැටලීම කර තිබුණේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසිනි.
එම වැටලීමේදී දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයකු ලෙස සිටිමින් ජාවාරම් කල සැකකරු ඇතුළු අනෙක් පුද්ගලයන් අත්අඩංගුවට පත්වූ ආකාරය පොලිස් මූලස්ථානය නිකුත් කළ පහත නිවේදනයේ සඳහන් ය.