වැස්සත් එක්ක ඩෙංගු අවදානමක්

Picture of අසංක

අසංක

වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළි වැඩිවීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවා සිටී
ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, වැසි තත්ත්වයත් සමග නැගෙනහිර පළාතේ ඩෙංගු රෝගය වැඩිවීමක් පෙන්නුම් කරන බවය.

පසුගිය සතියේ මඩකලපුව ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් 60 දෙනෙකු වාර්තා වි ඇති අතර මේ වසරේ මේ දක්වා කාලය තුළ මේ වනවිට ඩෙංගු රෝගීන් 35 දෙනෙකු මියගොස් රෝගීන් 30,000 ක් පමණ වාර්තා වී තිබේ.