ලෝකයේ වඩාත් විශිෂ්ට ලෙස කොවිඩ්-19 පාලනය කර තිබූ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ (29දා) දිනයේ දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ කොවිඩ්-19 ආසාදිතයන් 5 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ මේ වනවිටත් ප්‍රාන්තය පුරා පවතින දැඩි අගුලු දැමීමේ සීමාවන් මධ්‍යයේය.
ඒ අනුව ලෝකයේ වඩාත් විශිෂ්ට ලෙස කොවිඩ්-19 පාලනය කර තිබූ ඔස්ට්‍රේලියාවේ මෙම නවතම පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ ගොස් ඇත.
එනමුදු ආසාදිත පුද්ගලයින් ගැවසී ඇති නිරාවරණ ප්‍රදේශ හා ස්ථාන සංඛ්‍යාව 150කට වඩා වැඩි නිසා මෙම පොකුර මේ වනවිටත් දහස් ගණනක් අවදානමට ලක්කර ඇති බව කියයි.
වික්ටෝරියා ප්‍රාන්තය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට සතියක් පුරා අගුලු දමා ඇති අතර, එය වසංගතය විසින් ප්‍රාන්තයේ ලොක්ඩවුන් සීමා පැනවූ සිව්වැනි අවස්ථාවද වෙයි. එමෙන්ම නිවැසියන්ට නිවෙස්වලින් බැහැරට නොයන ලෙස ප්‍රාන්ත බලධාරීන් දැඩිව බලකර තිබේ.