නවතම පුවත්

නැවේ සුන්බුන් එක්වෙන ස්ථාන අනතුරු දායක ප්‍රදේශ ලෙස නම් කරයි

xpress pearl
උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගිනි ගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් හා අපද්‍රව්‍ය එක්රැස්විය හැකි වෙරළ තීර හා ස්ථාන හඳුනා ගෙන එම ප්‍රදේශ අනතුරුදායක ප්‍රදේශ ලෙස නම් කරන්නැයි, මධ්‍යම පරිසර අධිකාරිය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන වෙත උපදෙස් දී තිබේ.

ඒ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් නිපදවී ඇති මිශ්‍ර උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ මාර්ගෝපදේශ හා යෝජනා මාලාවක් නිකුත් කරමිනි.

ඒ අනුව,

නිසි ආරක්ෂිත උපාංග හා උපකරණ හා නිසි ක්‍රමවේද භාවිත කරමින් අදාළ කටයුතුවල නිරතවිය යුතුයි.

සුදුසු තාවකාලික ගබඩා හෝ බහාලුම්වල තැන්පත් කිරීම සඳහා කඩිනමින් පියවර ගත යුතුයි

කාන්දුවීම සිදුනොවන ලෙසටද වැලි හෝ ලී කුඩු වැනි ද්‍රව්‍යයක් මත සුදුසු ක්‍රමවේද භාවිත කිරීමට ක්‍රියා යුතුයි

පිටස්තර පුද්ගලයිගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාවට නැංවිය යුතුයි

වාහනය සංවෘත වාහන භාවිත කරමින් සිදුකළ යුතු අතර එහි රියැ දුරන් ඇතුළු පුද්ගලයින් ආරක්ෂිත උපාංග භාවිත කිරීම අනිවාර්යයි.

වැය වෙන පිරිවැය ද අදාළ පාර්ශ්වයන්ගෙන් අයකර ගත යුතුයි

මධ්‍යම පරිසර අධිකාරිය විසින් බලපත්‍ර ලබාදී ඇති ආයතන මෙම අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු සඳහා යොදාගත යුතුයි

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්