සිය ඉල්ලීම් සඳහා නිසි පිළිතුරු ලබානොදීම හේතුවෙන් වැඩවර්ජනයක නිරතව සිටි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදෙන බවට බලධාරින් පොරොන්දු වීම හේතුවෙන් සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.