විජේදාසත් වැඩබලන සභාපති වෙයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කර ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අද කැඳවා තිබූ එම පක්ෂය විධායක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

අදාල යෝජනාව රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර ස්ථිර කර ඇත්තේ සරත් ඒකනායක මහතා විසිනි.

එම අවස්ථාව සඳහා දැනට සභාපති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පැමිණ තිබින.

විජේදාස රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන ලෙස ඉල්ලීම්ද ලැබී තිබේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් මීට පෙර රැස්වුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් පාර්ශවයක් නිමල් සිරිපාල ද සිල්වා මහතා එම පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කරගෙන ඇත.