පැතුම් වික්රමරත්න
නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ ඇතිවූ කාර්මික දෝෂය අද (20) අළුයම වන විට සම්පුර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකිව ඇති අතර ඒ අනුව අද (20) දහවල් සිට රට පුරා විදුලිය කපා හැරීමකින් තොරව යළි සැපයීමට හැකිවනු ඇති බව එම බලාගාරයේ කළමනාකාරීත්වය සඳහන් කර සිටී.
නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්ර පරිපථවල බිඳ වැටීමක් හේතුවෙන් පසුගිය 18 වනදා දහවල් සිට රට පුරා විදුලිය සැපයුම විටින් විට අඩාල විය